Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Core Module

පාඩම 06: Supply And Demand Zones

ICT & SMC වලට විතරක් නෙවෙයි, හැම strategy එකකටම ගොඩක් වැදගත් මාතෘකාවක්. සරලවම කිව්වොත් market එක run වෙන්නෙ මේ දේ මත තමයි.

📌 Supply And Demand කියන්නේ මොකක්ද?

මේක ICT & SMC වලට විතරක් නෙවෙයි, හැම strategy එකකටම ගොඩක් වැදගත් වෙන මාතෘකාවක්. සරලවම කිව්වොත් market එක run වෙන්නෙ මේ දේ මත තමයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මාතෘකාවට.

Demand Zone කියන්නේ මොකක්ද?

Market එකක් sell වීගෙන යනකොට එක පාරම ලොකු ප්‍රමාණයකින් buy කරනකොට තමයි මේ demand zone එකක් හැදෙන්නේ. ඒ කියන්නේ market එකක් down වෙනකොට buyers ලා සූදානම් වෙලා ඉන්නවා buy කරන්න. පොඩි පොඩි ගණන් වලින් නෙවෙයි, එක පාරටම ලොකු ගානකින් market එකට ඇවිල්ල buy කරන්න ගන්නවා. එතකොට එතනින් market එක buy වෙනවා. අන්න ඒ වගේ තැනකට අපි කියනවා demand zone එකක් කියලා.

  • Zone Strength: Demand zone එකක් හැදුණට පස්සේ ඒ zone එකෙන් market එක හැරිලා buy වෙන market එකේ market movement එකත් එක්ක තමයි තීරණය වෙන්නේ ඒ හැදුණ zone එක කොච්චර strong zone එකක්ද කියලා.
  • Line Chart vs Candle Stick Chart: ඔයාලට තවත් පැහැදිලි වෙන්න ඕන නිසා මම line chart එකකින් සහ candle stick chart එකකිනුත් පෙන්නන්නම්.
  • Key Point: Demand zone එකකදී candle එකේ body එක zone එකෙන් පිටතට close වෙන්න ඕන. එතකොට තමයි valid demand zone එකක් විදියට සලකන්න පුළුවන්.
Demand Zone - Line Chart

📈 Line Chart - Demand Zone

Demand Zone - Candle Stick Chart

🕯️ Candle Stick Chart - Demand Zone

🔴 Supply Zone කියන්නේ මොකක්ද?

Market එකක් buy වීගෙන යනකොට එක පාරම ලොකු ප්‍රමාණයකින් sell කරනකොට තමයි මේ supply zone එකක් හැදෙන්නේ. කියන්නේ market එකක් up වෙනකොට sellers ලා සූදානම් වෙලා ඉන්නවා sell කරන්න. පොඩි පොඩි ගණන් වලින් නෙවෙයි, එක පාරටම ලොකු ගානකින් market එකට ඇවිල්ල sell කරන්න ගන්නවා. එතකොට එතනින් market එක sell වෙනවා. අන්න වගේ තැනකට අපි කියනවා supply zone එකක් කියලා.

  • Zone Strength: Supply zone එකක් හැදුණට පස්සේ ඒ zone එකෙන් market එක හැරිලා sell වෙන market එකේ market movement එකත් එක්ක තමයි තීරණය වෙන්නේ ඒ හැදුණ zone එක කොච්චර strong zone එකක්ද කියලා.
  • Line Chart vs Candle Stick Chart: යාලට තවත් පැහැදිලි වෙන්න ඕන නිසා මම line chart එකකින් සහ candle stick chart එකකිනුත් පෙන්නන්නම්.
  • Key Point: Supply zone එකකදී candle එකේ body එක zone එකෙන් පිටතට close වෙන්න ඕන. එතකොට තමයි valid supply zone එකක් විදියට සලකන්න පුළුවන්.
Supply Zone - Line Chart

Line Chart - Supply Zone

Supply Zone - Candle Stick Chart

️ Candle Stick Chart - Supply Zone

📊 Sideways Movement එකෙන් Zone හැදෙන ආකාරය

Market එකක් එකම තැනක sideways එකක් ගිහින් එක පාරටම ලොකු movement එකක් හැදෙනවා නම් එතන supply zone එකක් හෝ demand zone එකක් හැදෙනවා.

  • Sideways = Accumulation/Distribution: Market එක එක තැනක රැඳී සිටිනකොට, institutional traders ලා තමන්ගේ orders accumulate හෝ distribute කරනවා.
  • Breakout Direction: Sideways එකෙන් market එක break වෙන direction එක අනුව, ඒක demand zone එකක්ද supply zone එකක්ද කියලා තීරණය වෙනවා.
  • Strong Breakout = Strong Zone: Sideways එකෙන් market එක ලොකු candles වලින් break වුණොත්, zone එක ගොඩක් strong zone එකක් විදියට සලකනවා.
Sideways to Breakout

⚡ Zone එකක Strength එක හඳුනාගන්නේ කොහොමද?

හැම zone එකම same නෙවෙයි. කිහිපයක් factors අනුව zone එකක strength එක තීරණය වෙනවා.

  • ✅ Strong Zone: Zone එකෙන් market එක ඉක්මනින් සහ ලොකු candles වලින් පිටවුණොත් (sharp departure), ඒ zone එක strong zone එකක්.
  • ❌ Weak Zone: Zone එකෙන් market එක සෙමෙන් සහ කුඩා candles වලින් පිටවුණොත් (slow departure), ඒ zone එක weak zone එකක්.
  • 📈 Fresh Zone: Zone එකට market එක පළමු වතාවට ආපු එක නම්, ඒක ගොඩක් strong. දෙවනි, තෙවනි වතාවට ආපු එක නම් strength එක අඩුයි.
  • Timeframe: Higher timeframe (1H, 4H, Daily) වල හැදුණ zones, lower timeframe (5M, 15M) වල හැදුණ zones වලට වඩා strong.
Zone Strength Comparison

🎯 ප්‍රායෝගික භාවිතය

ඔයාගේ chart එකේ supply සහ demand zones හඳුනාගෙන, market එක ඒ zones වලට ආපු වෙලාවට trade entries සොයාගන්න. Strong zones වලදී high probability trades ගන්න පුළුවන්. Zone එක break වුණොත්, ඒ zone එක invalid වෙනවා - ඒ නිසා හැමවිටම zone confirmation එක බලන්න.