Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Advanced Module

පාඩම 07: Advanced Concepts - Imbalance, FVG, Displacement සහ තවත්

Theories අඩුයි, ඒත් ගොඩක් වැදගත් මාතෘකා 7ක්. හරියට අවදානෙන් ගෙනගන්න.

📌 මේ පාඩමේ විශේෂත්වය

ලොකු theories ගොඩක් නැති නිසයි මාතකා හතක් මේ pdf එකේදි කතා කරන්නෙ. ඒ උනාට මතක තියාගන්න, theories අඩු උනාට මේවා ගොඩක් වැදගත් මාතෘකා. ඒක නිසා හරියට අවදානෙන් මේ දේවල් ඉගෙනගන්න.

📋 මේ පාඩමේ මාතකා

  • 1) Imbalance
  • 2) Displacement
  • 3) Fair Value Gap (FVG)
  • 4) Volume Imbalance
  • 5) Liquidity Void
  • 6) Balance Price Range (BPR)
  • 7) Inversion FVG (IFVG)

1) Imbalance

Imbalance එකක් හැදෙන්න නම් market එක, නැවතීමක් නැතුව දිගටම buy හෝ sell වීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ retest නොකර market එක දිගටම buy වීමක් හෝ sell වීමක් වෙන්න ඕනේ.

  • Market must fill: Imbalance එකක් හැදුනට පස්සේ market එක ඒක fill කරන්න යන්න ඕනේ. Normally අපි කියන්නේ අඩුම තරමේ 25%ක් වත් cover කරන්න ඕනේ කියලා.
  • Buy Side Imbalance: Market එක දිගටම buy වෙලා යනකොට හැදෙනවා.
  • Sell Side Imbalance: Market එක දිගටම sell වෙලා යනකොට හැදෙනවා.
Imbalance

2) Displacement

මේක Imbalance එකකට ටිකක් සමානයි. ටිකක් කිව්වට ටිකක් නෙවෙයි, බොහෝ දුරට සමානයි imbalance එකකටම. මෙතනදි වේගෙන් market එක move වෙලා හැදෙන candles වලට තමයි අපි displacement එකක් කියලා කියන්නේ.

️ ⚠️ වැදගත්ම කාරණාව: Displacement එකක් හැදෙනකොට අනිවාර්යෙන්ම BOS එකක් හරි CHOCH එකක් හරි හැදෙන්නම ඕනේ.

  • නැත්නම්: එහෙම නැතුව කිසිම වෙලාවක displacement එකක් හැදෙන්නේ නෑ.
  • Chart එකේ: යාලට පේනවා ඇති BOS එකක් හදාගෙනමයි displacement එක ගිහින් තියෙන්නේ.
Displacement

3) Fair Value Gap (FVG)

FVG එකක් හැදෙන්න නම් candles තුනක් ඕනේ වෙනවා. මෙතනදි candles තුනේ මැද candle එකේ fill නොවුන කොටසක් තියෙනවා නම්, අපි ඒකට කියනවා FVG එකක් කියලා.

  • 3 Candle Pattern: පළවෙනි, දෙවෙනි (මැද), සහ තුන්වෙනි candle.
  • Body + Wick: මෙතනදි candle එකේ body එක විතරක් නෙවෙයි, wick එකත් අපි සලකනවා.
  • Not Covered: මැද candle එක, උඩ සහ යට candles වල wicks වලින්වත් cover වෙලා තියෙන්න බෑ. එහෙම cover වෙලා නම් ඒක FVG එකක් වෙන්නේ නෑ.
  • Must Fill: FVG එක market එක fill කරන්න ඕනේ (අඩුම තරමේ 25%ක් වත්).
Fair Value Gap

3.1) Buy Side Imbalance Sell Side Inefficiency (BISI)

එක ලඟ තියෙන Candles තුනක් තමයි අපි FVG එකක් බලන්න use කරනවා කියලා කිව්වේ. මෙතනදිත් එහෙම තමයි. Buy side ගැන බැලුවහම:

  • Definition: Candles තුනේ පළවෙනි candle එකේ High එකයි තුන්වෙනි candle එකේ Low එකයි අතර, දෙවනි candle එකේ හිස් තැනක් තියෙනවා නම්, අපි ඒක BISI එකක් කියලා හඳුන්වනවා.
  • ️ සූක්ෂමව: මෙතනදි හරියටම සූක්ෂමව මේක අඳුරගන්න බලන්න. මොකද ඔයාල මේ දේවල් වැරදියට අඳුරගත්තොත් ඔයාලගේ analysis එකයි වරදින්නේ.
BISI

3.2) Sell Side Imbalance Buy Side Inefficiency (SIBI)

එක ලඟ තියෙන Candles තුනක් තමයි අපි FVG එකක් බලන්න use කරනවා. Sell side ගැන බැලුවහම:

  • Definition: Candles තුනේ පළවෙනි candle එකේ Low එකයි තුන්වෙනි candle එකේ High එකයි අතර, දෙවනි candle එකේ හිස් තැනක් තියෙනවා නම්, අපි ඒක SIBI එකක් කියලා හඳුන්වනවා.
  • ⚠️ සූක්ෂමව: මෙතනදි හරියටම සූක්ෂමව මේක අඳුරගන්න බලන්න. මොකද ඔයාල මේ දේවල් වැරදියට අඳුරගත්තොත් යාලගේ analysis එකයි වරදින්නේ.
SIBI

4) Volume Imbalance

මෙතනදි අපි use කරන්නේ candles දෙකයි.

  • 2 Candle Pattern: එක ලඟ තියෙන candles දෙකක් හැදුනට පස්සේ, මේ candles දෙක අතර පොඩි හිස් තැනක් තිබිලා,
  • Wicks Fill: හිස් තැන candles වල wicks වලින් fill කරොත්, අපි කියනවා එතනට Volume Imbalance එකක් කියලා.
Volume Imbalance

5) Liquidity Void

Liquidity void එකක් කියන්නේ:

  • Definition: එක ලඟ candles දෙකක් හැදුනට පස්සේ, පළවෙනි candle එකේ closing price එක සහ දෙවනි candle එකේ opening price එක අතර පොඩි හිඩැසක් තියෙන එකට.
  • Gap: මේක හරියට gap එකක් වගේ.
Liquidity Void

6) Balance Price Range (BPR)

අපි කලින් ඉගෙනගත්තනේ FVG එක ගැන. මෙතනදිත් FVG එක සම්බන්ධ දෙයක් ගැනම තමයි කතා කරන්නේ.

  • Overlapping FVGs: BPR එකක් කියලා කියන්නේ, FVG එකක් හැදිලා ඊට පස්සේ ළඟට අයෙත් FVG එකක් හැදුනොත් ඒකට.
  • Common Area: එතකොට FVG දෙකටම පොදු කොටසක් තියෙනවා නේ. අන්න ඒක තමයි අපි BPR කියලා හඳුන්වන්නේ.
Balance Price Range

7) Inversion FVG (IFVG)

FVG එකක් හැදුනට පස්සේ:

  • Definition: Market එක අයෙත් ඒ හැදුන FVG එකට ඇවිල්ල, නැවත හැරීමක් නැතුව දිශාවටම market එක run උනොත්, අපි FVG එක IFVG එකක් කියලා හඳුන්වනවා.
  • ️ වැදගත්: මතක තියාගන්න, මේ IFVG එකකින් පුළුවන් market එක run වෙන side එක වෙනස් කරන්නත්. ඒක නිසා හොඳ අවදානෙන් ඉඳලා මේ zones හරියට අඳුරගන්න. නැත්නම් ඔයාලගේ analysis එක වරදින්න පුළුවන්.
  • Both Sides: Buy side හෝ sell side කියන දෙකටම මේ IFVG හැදෙනවා.
Inversion FVG

🎯 ප්‍රායෝගික භාවිතය

මේ concepts 7ම ඔයාලගේ chart analysis වලදී ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම FVG, BISI, SIBI, සහ IFVG වගේ concepts හරියටම තේරුම් අරන් use කරන්න. මතක තියාගන්න - theories අඩුයි, ඒත් practice කරන්න ඕනේ වැඩිපුර!