Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
SMC & ICT Foundation

පාඩම 02: Market Structure - වෙළඳපොළ ව්‍යුහය සම්පූර්ණ විශ්ලේෂණය

Institutional Smart Money Concepts (SMC) සහ ICT මත පදනම්ව Market Direction එක සහ Liquidity නිවැරදිව කියවන ආකාරය.

මෙම පාඩම සකස් කර ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ සම්පත් (Sources) භාවිතා කරමින්, උපරිම නිරවද්‍යතාවයක් (Accuracy) සහිතව ඔබට පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයටයි. ඔබටත් මෙයින් උපරිම ප්‍රයෝජන ගත හැක!

📊 Market Structure (වෙළඳපොළ ව්‍යුහය)

Forex, Crypto, Stock හෝ ඕනෑම මූල්‍ය වෙළඳපොළක් ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන අවස්ථා 3කට පමණි:

1. Buy Trend (Up Trend) – ඉහළ යන ප්‍රවණතාව

වෙළඳපොළක් පහළ සිට ඉහළට (Down side එකේ සිට Up side එකට) ගමන් කිරීම අපි හඳුන්වන්නේ Market එක Buy side එකේ තියෙනවා කියලයි.

  • High: Market එක ගමන් කරලා හදාගන්න උපරිම තැන.
  • Higher High (HH): කලින් හදපු High එකත් කඩාගෙන (Break කරගෙන) Market එක තව උඩට ගියොත්.
  • Higher Low (HL): Market එක තනි ඉරක් විදියට නෙවෙයි, Waves (රැලි) විදියට තමයි ගමන් කරන්නේ. ඒ නිසා High එකක් Break කරලා උඩට යනකොට, පහළ හැදෙන Low එකට කියනවා Higher Low කියලා.
  • 💡 Golden Marking Rule: Up Trend එකකදි අපි මුලින්ම Mark කරන්නේ Higher High (HH) point එක. ඊට පස්සේ තමයි Higher Low (HL) එක Mark කරන්නේ.
Up Trend Structural Swings

2. Sell Trend (Down Trend) – පහළ යන ප්‍රවණතාව

වෙළඳපොළක් ඉහළ සිට පහළට (Up side එකේ සිට Down side එකට) ගමන් කිරීම අපි හඳුන්වන්නේ Market එක Sell side එකේ තියෙනවා කියලයි.

  • Low: Market එක ගමන් කරලා හදාගන්න අවම තැන.
  • Lower Low (LL): කලින් හදපු Low එකත් කඩාගෙන (Break කරගෙන) Market එක තව පහළට ගියොත්.
  • Lower High (LH): Low එකක් Break කරලා පහළට යනකොට, උඩ හැදෙන High එකට කියනවා Lower High කියලා.
  • 💡 Golden Marking Rule: Down Trend එකකදි අපි මුලින්ම Mark කරන්නේ Lower Low (LL) point එක. ඊට පස්සේ තමයි Lower High (LH) එක Mark කරන්නේ.
Down Trend Structural Swings

3. Consolidation (Sideways) – පැත්තට ගමන් කිරීම

මෙහිදී වෙළඳපොළ යම් නිශ්චිත මිල පරාසයක් (Price Range) ඇතුළේ ගමන් කරයි. සරලවම පැවසුවහොත් Market එක දෙපැත්තට රිංගාගෙන පරාසයක් තුළ පමණක් රැඳී සිටීමයි.

  • Equal Highs: සමාන උපරිම මට්ටම් (Liquidity Pool)
  • Equal Lows: සමාන අවම මට්ටම් (Liquidity Pool)
Consolidation Range Liquidity

🕯️ Candlestick Chart වල Market Structure

අපි භාවිතා කරන්නේ Candlestick Charts නිසා, මේ Market Structures වල Breakouts හරියට හඳුනා ගන්න ඕනේ. මෙතනදි තියෙනවා Golden Rule එකක්.

⚠️ Invalid Breakout (වලංගු නොවන කැඩීම)

Candle එකක Wick (වික්) එකකින් පමණක් පරණ HH, HL, LL හෝ LH එක Break කරා නම්, ඒක Valid Breakout එකක් වෙන්නේ නෑ. ඒක හුදෙක් Liquidity Grab එකක් විතරයි.

Invalid Breakout Wick Sweep

✅ Valid Breakout (වලංගු කැඩීම)

හරියටම Breakout එකක් වෙන්නේ, Candle එකේ Body (ශරීරය) එකෙන් පරණ මට්ටම (HH, HL, LL, LH) Break කරොත් විතරයි. මේක තමයි සැබෑ Breakout එක.

Valid Break of Structure Body Close

🔑 අවසාන සටහන (Pro Tips):

  • සෑම විටම මතක තබා ගන්න: Candlestick Chart වල Breakout එකක් තීරණය කරන්නේ Candle එකේ Body එක මඟින් පමණි. Wick එකෙන් වෙන Breakouts වලට රැවටෙන්න එපා! ඒවා බොහෝ විට False Breakouts වේ.
  • 📌 ඔබේ විශ්ලේෂණය: සෑම විටම Higher Timeframe (4H, Daily) වල Market Structure එක බලන්න. ඊට පස්සේ ඔබේ Entry එක ගන්න Lower Timeframe (15M, 1H) වල. මේක ඔබේ Accuracy එක උපරිම කරයි!