Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Core Module

පාඩම 04: CHoCH (Change of Character) – Trend Reversal හඳුනාගැනීම

Smart Money Concepts (SMC) සහ ICT මගින් වෙළඳපොළේ ප්‍රවණතාවය (Trend) සම්පූර්ණයෙන්ම හැරෙන ආකාරය හඳුනාගැනීම.

⚠️ විශේෂ අවවාදයයි: මේ පාඩම BOS එකට වඩා ගොඩක් වැදගත් සහ දිගු මාතෘකාවකි. එම නිසා සම්පූර්ණ ලිපිය හොඳින් අවධානයෙන් කියවා රූප සටහන් හොඳින් අධ්‍යයනය කරන්න.

📌 මොකක්ද මේ CHoCH (Change Of Character) කියන්නේ?

වෙළඳපොළේ පවතින ප්‍රවණතාවය (Trend) සම්පූර්ණයෙන්ම හැරෙන බවට (Reversal) ලැබෙන පළමු සහ ප්‍රබලම සංඥාව CHoCH (Change of Character) හෙවත් Market Structure Shift (MSS) ලෙස හැඳින්වේ. BOS මගින් Trend එක දිගටම යන බව පෙන්වන අතර, CHoCH මගින් Trend එක අනෙක් පැත්තට හැරෙන බව තහවුරු කරයි.

💡 නාමකරණය: Chart එකේ Type කිරීමට දිගු නිසා, මෙය CHOCH (Change Of Character) හෝ MSS (Market Structure Shift) ලෙස කෙටියෙන් හඳුන්වයි. අපි සාමාන්‍ය භාවිතයේදී CHoCH යන වචනයම භාවිත කරමු.

1. Down side CHoCH (Uptrend to Downtrend)

දැනට පවතින Up trend එකක ගමන් කරන වෙළඳපොළ, එහි සෑදුණු අවසාන Higher Low (HL) එක පහළට කඩා වැටුණු විට (Break වූ විට), එය Down side CHoCH එකක් ලෙස සලකනු ලැබේ.

  • මතක තබා ගන්න: ඔබ තෝරාගන්නා HL එකට පසුව HH එකක් හදලා තියෙන්නම ඕනේ. එසේ නැත්නම් ඊට කලින් හැදුණු HL එක තමයි අපි reference point එක විදියට ගන්න ඕනේ.
  • මෙය Buyers ලාගේ පාලනය අවසන් වී, Sellers ලා වෙළඳපොළේ පාලනය ලබාගන්නා බවට ඇති පළමු තහවුරු කළ සංඥාවයි.
  • අවසාන HL එක කැඩුණු පසු, වෙළඳපොළ නව Lower High (LH) සහ Lower Low (LL) සාදමින් Downtrend එකකට පිවිසේ.
  • මෙය Sell Entry සඳහා ඉතා ඉහළ සම්භාවිතාවක් (High Probability) සහිත අවස්ථාවකි.
Downside Change of Character (CHoCH)

2. Up side CHoCH (Downtrend to Uptrend)

දැනට පවතින Down trend එකක ගමන් කරන වෙළඳපොළ, එහි සෑදුණු අවසාන Lower High (LH) එක ඉහළට කඩා ඉදිරියට ගිය විට (Break වූ විට), එය Up side CHoCH එකක් ලෙස සලකනු ලැබේ.

  • මතක තබා ගන්න: ඔබ තෝරාගන්නා LH එකට පසුව LL එකක් හදලා තියෙන්නම ඕනේ. එසේ නැත්නම් ඊට කලින් හැදුණු LH එක තමයි අපි reference point එක විදියට ගන්න ඕනේ.
  • මෙය Sellers ලාගේ පාලනය අවසන් වී, Buyers ලා වෙළඳපොළේ පාලනය ලබාගන්නා බවට ඇති පළමු තහවුරු කළ සංඥාවයි.
  • අවසාන LH එක කැඩුණු පසු, වෙළඳපොළ නව Higher Low (HL) සහ Higher High (HH) සාදමින් Uptrend එකකට පිවිසේ.
  • මෙය Buy Entry සඳහා ඉතා ඉහළ සම්භාවිතාවක් (High Probability) සහිත අවස්ථාවකි.
Upside Change of Character (CHoCH)

⚖️ රන් රීතිය: CHoCH Confirmation (Body vs Wick)

CHoCH එකක් වලංගු (Valid) ද නැද්ද යන්න තීරණය කරන ප්‍රධානතම කාරණය මෙයයි:

  • ✅ Valid CHoCH: පෙර HL හෝ LH එක කැඩී, Candle එකේ Body (ශරීරය) එම මට්ටමෙන් පිටත Close විය යුතුය. එවිට පමණක් Trend Reversal එක තහවුරු වේ.
  • ❌ Invalid CHoCH (Fakeout): Candle එකක Wick (නූල/සෙවණැල්ල) එකෙන් පමණක් පෙර Level එක Break කර ආපසු හැරුණහොත්, එය CHoCH එකක් නොවේ. එය හුදෙක් Liquidity Sweep එකක් පමණි.
  • හැම වෙලේම මතක තියාගන්න: (Down side හෝ Up side) CHoCH හැදෙනකොට අනිවාර්යයෙන්ම Wick එකකින් නොවී Candle Body එකකින්ම Breakout එක Close විය යුතුයි. නැතිනම් confirmation එකක් ගත නොහැක.
Valid vs Invalid CHoCH

🎯 ප්‍රායෝගික භාවිතය (Practical Use)

ඔබේ Chart එකේ CHoCH ලක්ෂ්‍යයන් නිවැරදිව Mark කරගෙන, ඊළඟ Market Analysis සඳහා ඒවා යොදාගන්න. කුඩා Timeframe (1M, 5M) වල හැදෙන බොරු CHoCH (Market Noise) වලට නොරැවටී, 4H / 1H වැනි Higher Timeframe වල හැදෙන ප්‍රධාන Structural CHoCH පමණක් තහවුරු කරගෙන Trade කරන්න.