Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Advanced Module

පාඩම 05: Major සහ Minor Market Structure

Higher Timeframe සහ Lower Timeframe වල Market Structure වල වෙනස හඳුනාගැනීම.

📌 Major සහ Minor Market Structure කියන්නේ මොකක්ද?

SMC සහ ICT strategies වලදී ඉතාම වැදගත්ම දේක් තමයි Major සහ Minor Market Structure හඳුනාගැනීම. මේක හරියටම තේරුම් ගත්තොත්, යාට market එකේ සැබෑ direction එක හරියටම තේරුම් ගන්න පුළුවන්.

⏰ Timeframe අනුව Market Structure Mark කිරීම

ඔයාගේ Higher Timeframe (HTF) එකේ market structure mark කරනකොට, ඒවා Major structures ලෙස සලකනවා. Lower Timeframe (LTF) එකේ mark කරන structures Minor structures ලෙස සලකනවා.

  • දාහරණයක් ලෙස: ඔයා 1H chart එකේ market structure mark කරනවා නම්, ඒවා Major structures විදියට සලකනවා.
  • ඊට පස්සේ 15m chart එකේ mark කරන structures Minor structures විදියට සලකනවා.
  • Practical Example: 1H chart එකේ Higher High එකක් තියෙනවා නම්, ඒක Major Higher High (MHH) ලෙස සලකනවා.

📊 Major Structures - අර්ථ දැක්වීම්

HH (Major Higher High): Higher Timeframe එකේ සෑදෙන ඉහළම උපරිමය.
HL (Major Higher Low): Higher Timeframe එකේ සෑදෙන ඉහළම අවමය.
LL (Major Lower Low): Higher Timeframe එකේ සෑදෙන පහළම අවමය.
LH (Major Lower High): Higher Timeframe එකේ සෑදෙන පහළම පරිමය.
Major BOS: Major structure එකක් break වීම.
Major CHOCH: Major trend එකේ ප්‍රතිවිරුද්ධ දිශාවට හැරීම.

1. Up Trend - Major Structure

Up trend එකකදී, market එක Major Higher High (MHH) සහ Major Higher Low (MHL) සාදමින් හළට ගමන් කරනවා.

Up Trend Major Structure

2. Down Trend - Major Structure

Down trend එකකදී, market එක Major Lower High (MLH) සහ Major Lower Low (MLL) සාදමින් පහළට ගමන් කරනවා.

Down Trend Major Structure

3. Major BOS (Break of Structure)

Up trend එකක Major Higher High එක break වුණාම, හෝ Down trend එකක Major Lower Low එක break වුණාම, ඒක Major BOS එකක් ලෙස සලකනවා.

Major BOS

4. Major CHOCH (Change of Character)

Market trend එක සම්පර්ණයෙන්ම change වෙනකොට (Up trend සිට Down trend වෙලා හෝ අනෙක් අතට), ඒක Major CHOCH එකක් ලෙස සලකනවා.

Major CHOCH

📈 Minor Market Structure

Major structures අතරේ සෑදෙන කුඩා structures Minor structures ලෙස හඳුන්වනවා. මේවා ඔයාගේ analysis එකට උදව් වෙනවා.

  • Up Trend එකකදී: Major Higher Low සහ Major Higher High අතරේ සෑදෙන කුඩා High සහ Low, Minor Higher High සහ Minor Higher Low ලෙස හඳුන්වනවා.
  • Down Trend එකකදී: Major Lower High සහ Major Lower Low අතරේ සෑදෙන කුඩා High සහ Low, Minor Lower High සහ Minor Lower Low ලෙස හඳුන්වනවා.
Minor Structure

5. Minor CHOCH - විස්තරාත්මක උදාහරණය

Minor Lower High එකක් break වුණාම, ඒක Minor CHOCH එකක් ලෙස සලකනවා. මේක ඔයාට entry points සොයාගන්න උදව් වෙනවා.

  • Minor Higher Low break වුණාම: ඒක Minor CHOCH එකක් ලෙස සලකනවා.
  • Minor Lower High break වුණාම: ඒකත් Minor CHOCH එකක් ලෙස සලකනවා.
  • ප්‍රායෝගිකව: Minor CHOCH හැදෙනකොට, market එකේ කුඩා reversal එකක් සිදු වෙනවා.
Minor CHOCH Example
Down Trend with Major Structures

6. Minor BOS සහ Minor CHOCH

Minor structures වලත් BOS සහ CHOCH හැදෙනවා. මේවා ඔයාට entry points සොයාගන්න දව් වෙනවා.

  • Minor BOS: Minor structure එකක් break වීම. මේක up side හෝ down side වෙන්න පුළුවන්.
  • Minor CHOCH: Minor trend එකේ ප්‍රතිවිරුද්ධ දිශාවට හැරීම.
  • උදාහරණය: Minor Lower High එක break වුණාම, ඒක Minor CHOCH එකක් ලෙස සලකනවා.
Minor BOS and CHOCH

🔍 Major සහ Minor වෙනස හඳුනාගැනීම

Major සහ Minor structures අතර ප්‍රධාන වෙනස තමයි timeframe එක. ඔයා වැඩ කරන timeframe එක අනුව මේවා වෙනස් වෙනවා.

  • Major: Higher Timeframe (1H, 4H, Daily) වල mark කරන structures.
  • Minor: Lower Timeframe (5M, 15M) වල mark කරන structures.
  • ඔයාගේ analysis: පළමුව Major structures mark කරන්න, ඊට පස්සේ Minor structures mark කරන්න.

🎯 ප්‍රායෝගික භාවිතය

ඔයාගේ analysis එකේදී, පළමුව Higher Timeframe එකේ Major structures mark කරන්න. ඊට පස්සේ Lower Timeframe එකේ Minor structures mark කරලා, entry points සොයාගන්න.